පාස්පෝට් පෝලිමේ මෙතෙක් කතකට සිදු නොවූ දෙයක් වෙයි.(VIDEO UPDATE)

Sri Lanka
By Aruna Jul 07, 2022 05:10 AM GMT
Aruna

Aruna

Report

පාස්පෝට් ලබා ගැනීම සඳහා රැඳී සිටිය දී කාන්තාවක් දරුවකු ප්‍රසූත කළ සිදුවීමක් වාර්තා වනවා.

එසේ දරුවකු ප්‍රසූත කර ඇත්තේ, විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට පැමිණි හැටන් ප්‍රදේශයේ කාන්තාවක්ටයි කෙසේ වෙතත් මව සහ සිඟිති දියණිය සුවෙන් පසුවන බව ආරංචි මාර්ග පවසනවා.

එහි නවතම දර්ශන පහතින් බලන්න.


මේ අතර අද (07) අලුයම 2.30ට පමණ පයාගල ලංකා IOC ඉන්ධන පිරවුම්හලේ පෝලිමක සිටි පුද්ගලයෙක් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

අසනීප තත්ත්වය හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ පුද්ගලයා 60 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙක් වන අතර ඔහු මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now