"මම දන්නවා පාස්කු ප්‍රහාරයේ මොළකාරයා කව්ද කියලා" - ඥාණසාර හිමි

Report

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොළකරු කවුරුන්දැයි තමා දන්නා බව පවසනවා.

මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ භාර නිලධාරීන් ප්‍රථමයෙන් දැනුවත් කරන බවයි.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (06) මහනුවරට පැමිණ මල්වතු මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත අතර, ඉන් අනතුරුව උන්වහන්සේ පැමිණියේ අස්ගිරි මහා විහාරයටයි.

එහිදී ඥානසාර හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහානා හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ යකා නටයි

පුද්ගලයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ යකා නටයි