'සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකුට වැඩ වරදී'' - එල්ල වූ චෝදනා මෙන්න
සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගනිමින් එම සතුන්ට හිංසා වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් තිදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සංචාරකයන් ලවා කැස්බෑවන්ට ආහාර ලබාදීමට කටයුතු කර ඇති අතර, එම සතුන් අතින් උස්සා සංචාරකයන්ට පෙන්වමින් හිංසාකාරී ලෙස හැසිරී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
විදේශීය සංචාරකයන්ට මෙලෙස කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගැනීමට බලපෑම් කරන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ කැස්බෑවන් ආරක්ෂිත සතුන් වන අතර, ඔවුන්ට හිංසා කිරීම, අල්ලා ගැනීම හෝ නීතිවිරෝධී ලෙස සිරකර තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි.
කොළඹ වරායේ බහාලුම් ධාරිතාව දෙගුණ කිරීමට සැරසෙයි - ''ඉන්දියන් සාගරයේ ප්‍රමුඛ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් කිරීමට සැලසුම්''
මෙම ස්ථානයේදී මීට පෙරද විදේශීය සංචාරකයන්ට කැස්බෑවන් පෙන්වා මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් දෙදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
උණවටුන සංචාරක පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.