ඉදිරි පැය 36 සඳහා කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්- පළාත් 5කට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 13 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.
එමෙන්ම බස්නාහිර පළාතේ මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.