උතුරු-මැද, නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට හෙට දැඩි උණුසුම් කාලගුණයක්- කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

Report

උතුරු-මැද සහ නැගෙනහිර පළාත් ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට හෙට (14) දිනයේ දී දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්වේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

අද දින පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනයට අනුව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (මිනිස් සිරුරට දැනෙන උණුසුම) 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකිය.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාවට උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසට බලධාරීන් දැනුම් දී තිබේ

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්

පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 4කට ප්‍රබල අකුණු අනතුරු පිළිබඳ හදිසි අවවාදයක්