සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?
ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව වෙඩික්කරුට අධාර ලබා දුන් දැනට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට මහජන සහාය තවදුරටත් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග පවසනවා.
මාධ්‍ය ප්‍රකාශකවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීයි.
සාමාන්‍යයෙන් ලෝකයේ කිසිම පොලිසියකට තනිව අපරාධ පාලනය කිරීමට හැකියාවක් නොමැති අතර, ඒ සඳහා මහජන සහාය අවශ්‍යය බවයි ඔහු පෙන්වා දුන්නේ.
මහජනතාවගේ සහාය ලබා ගැනීමේ අරමුණින් සහ එම පුද්ගලයා අගය කිරීමක් වශයෙන් ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන පුද්ගලයෙකුට මෙසේ ලක්ෂ 12ක මුදලක් ලබා දීමට තීරණය කළ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මෙම මුදල ඉදිරියේදී වැඩිකරනවාද යන පැනය මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ ඒ පිළිබඳව මතයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
