පසිඳු - සොනාල් අර්ධ ශතක වාර්තා කරයි - ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු සටනක [LIVE VIDEO]
කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ මේ වන විට කඩුලු 8ක් දැවී ලකුණු 236ක් ලබා සිටී.
ඉන්දියාව සිය පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 503ක් ලබා අත්හිටුවා ඇති බැවින්, ශ්‍රී ලංකාව තවමත් ලකුණු 267ක් පසුපසින් සිටී. ඉන්දියාවට ෆලෝඔන් ලබාදීමට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ඉතිරි කඩුලු තුන දවා ගැනීම පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර ලකුණු 80ක් රැස් කළ අතර, ශතකය ආසන්නයේදී ඔහු දැවී ගියේය.
ඔහුගේ ඉනිමට හතරේ පහර 9ක් ඇතුළත් විය. මේ වනවිට සොනාල් දිනූෂා නොදැවී ලකුණු 65ක් ලබා අර්ධ ශතකයක් වාර්තා කර ඇති අතර, ලහිරු කුමාර ලකුණු නොලබා සිටී. ඉන්දීය පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්ණා කඩුලු 3ක් දවාගෙන ඇති අතර, මනව් සුතාර් කඩුලු 2ක් ලබාගෙන තිබේ.
රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සිරාජ් එක් කඩුල්ල බැගින් දවාගෙන ඇත.