පක්‍ෂ නායකයන් පකිස්තාන අගමැතිගේ පාර්ලිමේන්තු කතාව අවලංගු කරයි..

Parliament Pakistan
By Thaya Feb 17, 2021 05:01 PM GMT
Thaya

Thaya

Report

එළැඹෙන 22දා දෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සදහා සූදානම් කර තිබූ පාර්ලිමේන්තු සංචාරය අවලංගු කර තිබේ. මීට පෙර දැනුම් දී තිබුණේ ඉම්රාන් ඛාන් 24 වැනි දා පස්වරුවේ මෙරට පාර්ලිමේන්තුව අමතන බවයි. එම අවස්ථාව ආවරණය කරන්නට පැමිණෙන ලෙස මාධ්‍යවේදීන්ට ද දැනුවත් කර තිබිණි. නමුත් ඊයේ දිනයේ පැවති පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ එම පාර්ලිමේන්තු ඇමතිම අවලංගු කිරීමටයි.