ඩෙල්ටා නොතකා පැවැත්වු පූජා , උත්සව , විරෝධතා - විශාල පිරිසක් අනතුරේ

Sri lanka covid 19
By Sithumi Aug 15, 2021 12:47 PM GMT
Sithumi

Sithumi

Report

සෞඛ්‍ය අංශයේ අනුමැතියකින් තොරව නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක මල්වර උත්සවයක් නතර කර එම උත්සවයට සහභාගි වු 48 දෙනෙකු මේ මස (28) දින දක්වා ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට (14) දින පියවර ගත් බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය. 

 නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් නොර්වුඩ් ප්‍රදේශයේ මල්වර උත්සවයක් පවත්වන බවට මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලද පැමිණිලි කිහිපයක් මත මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම නිවසට ගොස් උත්සවය නවත්වා එම උත්සවයට සහභාගි වු සමාජිකයන් 48 දෙනා ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කෙරිණ. 

නොර්වුඩ් ප්‍රදේශයේ කොවිඩ් 19 අසාදිතයන් විශාල පිරිසක් මේ වන විට හදුනාගෙන අසාදිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තවත් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කර තිබියදි අනුමැතියකින් තොරව මෙවැනි උත්සව පැවැත්විමට ඉඩ ලබා දිය නොහැකි බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now