අයවැයට පැමිණි මාධ්‍ය නිලධාරියෙකුට කොරෝනා
sri lanka
Politics
By Sithumi
2022 අයවැය ආවරණයට පැමිණි මාධ්‍ය නිලධාරියෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි මාධ්‍ය නිලධාරියෙකුට බවයි වාර්තා වන්නේ.
පාර්ලිමේන්තු සභා ඝ්ර්භයට පැමිණෙන සියලුම දෙනා ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී මෙම නිලධාරියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති අතර ඒ හේතුවෙන් ඔහු සමග පැමිණි 09 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු නොකර යළි හරවා යවා ඇති බව වාර්තා වනවා.
අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අද සිට අයවැය විවාදය හා ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වැනි දා තෙක් කාලය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
