විශේෂ පනත් කෙටුම්පතකට අනුමැතිය

Politics parliment Sri lanka
By Sithumi Oct 26, 2021 02:33 PM GMT
Sithumi

Sithumi

Report

විසර්ජන පනත් කෙටුමිපතට (2022) මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය. විසර්ජන පනත් කෙටුමිපත පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට පසුගිය සැප්තැම්බර් මස 29 වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය .

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත් ඇස්තමේන්තුගත රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාර සියයකි. 

රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වියදම රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දෙදහස් එක සියයක් ලෙස සඳහන් වන බව එහි සඳහන් වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා පනත් කෙටුම්පත තුළ වන පුනරාවර්තන වියදම් කාරක සභික මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය. 

එහි ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම පිණිස රුපියල් කෝටි අනු අට දහසක්ද රාජ්‍ය ණය පොලී ගෙවීම පිණිස රුපියල් කෝටි ලක්ෂ්‍යයක්ද විශ්‍රාම වැටුප් හා ආබාධිත රණවිරු සුබසාධන ගෙවීම් සඳහා රුපියල් කෝටි තිස් එක් දහසක්ද ‍වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් කෝටි හයදාස් අටසීයක්ද සමෘද්ධිය සඳහා රුපියල් කෝටි පන්දහසක් ද පොහොර සඳහා රුපියල් කෝටි 3500ක්ද වෙනත් සහනාධාර සඳහා රුපියල් කෝටි 6900 ක්ද ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.



ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක   
 සබ්ස්ක්‍රයිබ් කරන්න