ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් බැඩ්මින්ටන් ගහන්න ස්පාඤ්ඤයට යයි..
මෙරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් සඳහා පළමු වතාවට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ.
ඒ ලෝක ප්‍රවීණයන්ගේ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය සඳහා මෙසේ මන්ත්‍රීවරයෙක් සහභාගී වන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක කමිටුවේ සභාපති හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාය. එම තරගාවලිය අනිද්දා (25 වැනිදා) සිට ලබන මස 05 වැනිදා දක්වා ස්පාඤ්ඤයේ සෙවිල් නගරයේදී පැවැත්වීමට නියමිතව ඇත.
මෙරට කඩවත මහා බෝධි විද්‍යාලයේ හා කඩවත මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සහන්, 2019 ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් තරගාවලියෙන් ශූරතාවයත්, අවුරුදු 40 ට වැඩි ඉසව්වෙන් ගම්පහ දිස්ත්‍රික් ශුරතාවයත්, සමස්ත ලංකා බැඩ්මින්ටන් තරගාවලියේ අනුශූරතාවත් සහ 2021 නුවරඑළියේ පැවති සමස්ත ලංකා තරගාවලියේ ශූරතාවත් දිනා ඇත. තවද හෙතෙම, 2018, 2019 වර්ෂවල සමස්ත ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති වශයෙන්ද කටයුතු කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |
