අලුත් අවුරුද්දේ පාර්ලිමේන්තුව රැස්වෙන දිනය මෙන්න
2026 ජනවාරි මාසයේ පළමු රැස්වීම් සතිය ලෙස ජනවාරි 6 සිට 9 දක්වා පාර්ලිමේන්තුව කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
මෙම රැස්වීම් සතිය ජනවාරි 6 වැනි සඳුදා සිට 9 වැනි බ්‍රහස්පතින්දා දක්වා පැවත්වෙන අතර, නව වර්ෂයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයට මෙය සූචකයක් වනු ඇත.