මහින්දානන්දගේ පදනම් ගොඩනැගිල්ල දුම්රිය ඉඩමකද? - මහින්දානන්දට තවත් බාල්දියක්
නාවලපිටිය පබාගේ කෝරළේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම දෙසැම්බර් 30 වැනිදා නාවලපිටිය සමෘද්ධි බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම රැස්වීමට කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ප්‍රියසිංහ සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් සහභාගී වූහ.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල අනවසර භාවිතය පිළිබඳ සාකච්ඡාවේදී නාවලපිටිය ගිනිගහේන ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතාගේ නමින් පවත්වාගෙන යන මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ල, උත්සව භාණ්ඩ සැපයීමේ මධ්‍යස්ථානය සහ ඒ අවට ගේට්ටු දමා වසා දමා ඇති හිස් භූමිය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙම කොටස් තුනේ වර්තමාන තත්ත්වය පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. දුම්රිය නිලධාරීන් ප්‍රකාශ කළේ කොටස් දෙකකට බදුකරයක් ලබාදී ඇති බවත්, ඉතිරි කොටසට තාවකාලික අවසරයක් ලබාදී ඇති බවත්ය.
මුලින් නේවාසික ගිවිසුමක් මත ලබාදුන් මෙම පරිශ්‍රය පසුව පුණ්‍ය කටයුතු සහ වාණිජ කටයුතු සඳහා ගිවිසුම් වෙනස් කර ඇති බවත්, තක්සේරු මුදලෙන් කොටසක් ගෙවා ඇති බවත් අනාවරණය විය.
බදුකර ගිවිසුමට අදාළ නොවන හිස් භූමිය ආවරණය කර ඇති ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත ඉවත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්රිය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
රැස්වීමේදී අදහස් දැක්වූ ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ,
"අහිංසක මිනිසුන්ගේ ගෙවල් ඉවත් කරනවා කියලා නුවර ඉන්න තැනක් නැති අයගේ අනවසර ඉදිකිරීම් කියලා තිබියදී මේ එකෙකුට ටවුන් මැද වටිනා ඉඩම් දෙන්න බෑ. බිස්නස් මොඩල් එකක් හදලා ඒක විකුණමු.
මහින්දානන්දටම ඕන නම් සල්ලි දීලා ගන්න කියමු, රජයට අයිති මුදලක් ලැබෙනවා. ගේට්ටු වහගෙන අනීතික රැස්වීම් තියන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා ගේට්ටු ඉවත් කරලා භූමිය ඕපන් කරන්න. හිඟන්නෝ ඇවිල්ලා හිටියත් කමක් නෑ. සල්ලි තියෙන අය හිඟන්නන් වගේ හැසිරෙන්න ඕන නෑ."
අනවසර භාවිතයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවත්, ගිවිසුම් අවලංගු කිරීමට හැකියාව ඇති බවත් ඔහු අවධාරණය කළේය. මෙම කටයුතු නීතිගරුකව සිදුකරන බවද පැවසීය.