ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක්..
අද (18) දින, මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පස්වරුවේ කැඳවා ඇත.
පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී එම පනත් කෙටුම්පත ගැන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රශ්න කිරීමත් සමග ඇති වූ සංවාදාත්මක තත්ත්වයේ දී ඒ සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පස්වරු 2.30ට එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව සභාවට දැනුම් දෙන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |