පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ අලුත් කැපකිරිම..

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician Sri Lankan political crisis
By krishani Aug 12, 2022 11:33 PM GMT
krishani

krishani

Report

ලබන 29 වැනිදා සිට පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට ආරම්භ කිරීමටත් දිවා විවේකය පැය භාගයකින් සීමාකොට ප.ව 12.30 සිට ප.ව 1.00 දක්වා පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

එම තීරණය ගෙන ඇත්තේ පසුගිය 10 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී වන අතර ඒ අනුව පාර්ලිමේන්තුව ලබන 29 වැනිදා යළි රැස්වීමටත්, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව විදුලි බිල්පත් ගාස්තු වැඩිකිරීම පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය එදින පෙ.ව 9.30 සිට 4.30 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join