කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි
අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9.30ට ආරම්භ වූ බව වාර්තා වේ.
සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇති අතර, අද දිනයේ විශේෂ කාල සටහනක් යටතේ කටයුතු සිදු කෙරේ.
ඒ අනුව පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් කර ඇත.
(මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී. මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ කනගසබෙයි තම්මන්පිල්ලෙයි යන හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙම ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.