මැයි 30 වනදා පාර්ලිමේන්තුව විසුරුවා ජූලි 04 හදිසි මැතිවරණයක් කැඳවයි..
ලබන ජූලි 04 වැනිදා හදිසි මැතිවරණයක්.
බ්‍රිතාන්‍යය ඇගමැති රිෂි සුනක් විසින් එරට මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එම මැතිවරණය ලබන ජූලි 04 වැනිදා පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඒ අනූව, එරට පාර්ලිමේන්තුව මැයි 30 වැනිදා විසුරුවා හරින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
එරට ජනතාව බහුතරයක් විශ්වාසය පළකරන්නේ, මීළඟ අගමැති වශයෙන් කීර් ස්ටාර්මර් පත්වනු ඇති බවයි.
වසර 14ක කොන්සර්වේටිව් නායකත්වයෙන් පසු ලේබර් පක්ෂයට බලය දිනා ගැනීමට කීර් ස්ටාර්මර් උත්සාහ කරන බව, විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් තහවුරු කරයි.