තවත් මන්ත්‍රීවරියකට කොරෝනා..පාර්ලිමේන්තු පොකුර 53ට නගී.

Covid Sri Lanka Parliamentary Rajika wickramasinghe
By Aruna Feb 17, 2022 02:25 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තු කොවිඩ් පොකුර ඉහළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

සුළු රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමෙන් පසුව සිදුකළ කොවිඩ් පරීක්ෂණයේදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ වනවිට මන්ත්‍රීවරිය සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින අතර බරපතල රෝග ලක්ෂණ කිසිවක් නොමැති බවයි වාර්තා වේ.

පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින මන්ත්‍රීවරිය පසුගිය සතියේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහාද සහභාගි වී තිබේ.

මේ අනුව කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ යනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now