60ට වැඩි මන්ත‍්‍රීවරුන්ට සදුදා සිට කරන්න යන දේ මෙන්න.
Covid
Sri Lanka
Parliament
Covid vaccines
By Aruna
වයස අවුරුදු 60 ඉක්මවූ සහ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොරෝනා එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීමට තීරණය කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දැනට දැනුම් දී ඇත්තේ ඔවුන් සඳහා තුන්වැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බවයි.
මෙසේ එන්නත ලබා දෙන සියලු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී එන්නත්කරනය සිදුකිරීමට නියමිතව තිබේ.
එළැඹෙන සදුදා දිනයේ සිට සිකුරාදා දින දක්වා මෙම එන්නත් ලබා දීම සිදු කිරීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ටද මෙසේ තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
