නව අමාත්‍ය මණ්ඩලය 23යි..ප්‍රබල අමාත්‍යංශ බෙදී යන විදිය මෙන්න.

Parliament of Sri Lanka Harini Amarasuriya AKD
By Aruna Nov 18, 2024 01:39 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

මේ අනුව, නව රජයේ අග්‍රාමාත්‍ය ධුරයට ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නැවත පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

නව රජයේ කැබිනට් මණ්ඩලය 23 කට සීමාවන අතර ආරක්ෂක සහ මුදල් අමාත්‍ය ධුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතට පැවරෙනු ඇති බව ද පැවසේ.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න..


රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අධ්‍යාපන අමාත්‍ය ධුරය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියටම පැවරෙනු ඇතැයි පැවසෙන අතර, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට ​කේ ඩී ලාල් කාන්ත මහතා පත් කිරීමට නියමිතව ඇති බවයි.

විදේශ අමාත්‍ය ලෙස විජිත හේරත් මහතා ද සෞඛ්‍ය අමාත්‍ය ලෙස වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා ද, ධීවර අමාත්‍ය ලෙස නිහාල් ගලප්පත්ති මහතා ද පත් කෙරෙනු ඇති බවයි රජයේ ආරංචි පවසන්නේ.

සුනිල් හඳුන්නෙත්ති මහතා ආර්ථික කටයුතු අමාත්‍ය ලෙසත්, වසන්ත සමරසිංහ මහතා කර්මාන්ත කටයුතු අමාත්‍ය ලෙසත්, බිමල් රත්නායක මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙසත් පත් කිරීමට නියමිතව තිබේ.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි කැබිනට් අමාත්‍ය ධූර පත් කෙරෙන බවත් අමාත්‍ය ධුර ලබා දීමේදී අදාළ විෂය දැනුම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරන බවත් රජයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..

අද සවස එළියට යන අය මේ ගැන සූදානමින් යන්නැයි දැනුම්දීමක්..


ඒ අනුව රජයේ ආරංචි මාර්ග පවසන්නේ, අවම වශයෙන් දිස්ත්‍රික්කයකට කැබිනට් අමාත්‍ය ධුරයක් හෝ නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් හෝ ලබාදීමට සැලසුම් කර තිබෙන බවයි.

අමාත්‍යංශ විෂය පථයන්හි කාර්යභාරය පහසුවීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත් කරන බව රජයේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

ReeCha