හර්තාල් මැද පාර්ලිමේන්තුව විසුරුවන්න යයි ද?..සභානායක
නිශ්චිත කාලයකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් ගේ කමිටුව තුළින් ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ සහ මෙහි දී සාකච්ඡා කළ බවයි ඔහු ප්‍රකාශ කළේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විය යුතු වෙනස්කම් පිළිබඳව අඛණ්ඩවම තම පක්ෂය යෝජනා ඉදිරිපත් කර ඇති බව එම පක්ෂ නියෝජිතයන්ට පෙන්වා දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා.
තවමත් සර්වපාක්ෂික එකඟතාවයක් පාර්ලිමේන්තුව තුළ ඇති කරගැනීමට අසමත් වී ඇති බවත් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගත කරන කාලය තුළින් එය පෙන්නුම් වන බවද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |