"..ජන මාධ්‍යවේදිනියක් වුණේ අවුරුදු 18න්.." රටම කතා කරන අවුරුදු 22 ක පුංචි මාධ්‍යවේදීනිය - පාරින්ද්‍යා ගුණසේකර..(PHOTOS)

Sri Lanka Gossip Today
By Sewvandhi Dec 05, 2022 03:58 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර නිවේදන ශිල්පිනියක් තමයි පාරින්ද්‍යා සහශ්‍රිකා ගුණසේකර කියලා කියන්නේ. ඉතින් ඇයට තවම වයස අවුරුදු විසි දෙකයි. ඒ වගේම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තමයි ඇය පාසැල් අධ්‍යාපනය හදාරලා තියෙන්නේ. ඒ වගේම ඇය මේ වන විට සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ශිෂ්‍යාවක් විදිහටත් කටය්ටුහු කරනවා. කොහොම නමුත් ඇය දැන් වෘත්තියෙන් ජනමාධ්‍යවේදිනියක්.

ඒ වගේම පාසැල් කාලයේ කලා කටයුතුවලට වගේම ක්‍රීඩා අංශයෙන් හා මාධ්‍ය අංශයෙන් වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් බොහොමයකට ඉදිරිපත් වුණ ඇය ඒවායෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා අත් පත් කර ගෙන තියෙනවා. ඉතින් එහිදී 2017 වසරේ අන්තර් පාඨශාලීය සමස්ත ලංකා නිවේදන තරගාවලියේ ඡ්‍යේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය වගේම 2018 වසරේ අන්තර් පාඨශාලීය නිවේදන තරගාවලියේ ඡ්‍යේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට යට හැකියාව ලැබුණා.

ඒත් එක්කම නර්තන අංශයෙනුත් 2017 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ ඒකල අංශයෙන් තෙවැනි ස්ථානයත් 2018 වසරේ සමස්ත ලංකා නර්තන තරගාවලියේ ඡ්‍යේෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානයත් දිනාගැනීමටත් ඇය වාසනාවන්ත වුණා. ඉතින් නර්තනයට ඇයගේ උපන් හැකියාවක් තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම දෙරණ ලිටිල් ස්ටාර් අටෙන් පහළ තරගාවලියට සහභාගී වන්නට අවස්ථාව ලැබුණ ඇයට එහි season 2 තරගාවලියේ අවසන් හතරදෙනා අතරට එන්නට හැකි වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම පොඩි කාලේ ඉදන්ම නිවේදනයට හිතේ තිබ්බ ආසාව නිසාමයි ඇය පාසලේ මාධ්‍ය කණ්ඩායමටත් බැඳිලා තියෙන්නේ. ඉතින් කොහොමහරි අහඹු ලෙසින් ඇයට දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 3 තරගාවලියේ නිවේදන කටයුතු කරන්න අවස්ථාව හිමිවුණා. ඉන් පසුව දෙරණ නාලිකාවේ ‘ටිකිරි පොකුර’ වැඩසටහන, පෝයට ‘අපේ දහම් පාසල’, ‘කවි දැහැන’ වගේ වැඩසටහන් නිවේදනයෙන් මෙහෙයවන්නට අවස්ථාව ලැබුණා. දැන් ඇය දෙරණ නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින්ද ඇය දැන් කටයුතු කරනවා. ඒ වගේම වෘත්තියෙන් නිවේදන කටයුතු පටන් අරන් දැනට අවුරුදු හතරක් වෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම කිසිම ක්ෂේත්‍රයකට ගැහැනු පිරිමි භේදයක් විශේෂ වන්නේ නැහැ කියලත් ඇය කියනවා. අවශ්‍ය වන්නේ හැකියාවත් එහි රඳා පැවැත්මත් විතරයි. ඉතින් ඇත්තටම ජනමාධ්‍යවේදිනියක් වීම ගැන ඇයට නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.(උපුටා ගැනීමකි)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha