ලෝක පැරා මලල ක්‍රීඩා ශූරයෝ ශ්‍රී ලංකාවට
ඉන්දියාවේදී නිමාව දුටු පැරා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවී ලෝකඩ පදක්කම් 2ක් දිනාගත් නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි ඇතුළු ක්රීඩකයන් හා පුහුණුකරුවන් ඊයේ කටුනායක ගුවන්තොටුපොළෙන් යළි මෙරටට පැමිණ තිබේ.
රටවල් 100ක ක්‍රීඩක ක්රීඩිකාවන් 980ක සහභාගිත්වයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති මේ තරගාවලියේදී දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ නුවන් ඉන්දික ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයෙන් හා මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානු තරග වාර්තාවක් බිහි කරමින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.
මීටර් 100 සහ දුර පැනීමේ ඉසව්වලට සහභාගී වූ ජනනි ධනංජනා ඇයගේ හොඳම තරග කාලය වාර්තා කළ අතර, දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ දක්ෂතාව පෙන්නුම් කිරීමට සමත් වී ඇත.
පැරා ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ජයග්‍රහණය කර ලෝකඩ පදක්කම් රැගෙන ඔවුන්ට ශ්‍රී ලංකා නාමය ලෝකයෙහිම බබළවන්නට මෙලෙස හැකියාව ලැබී තිබේ.