පන්ට් සහ ජුරෙල්ගෙන් අර්ධ ශතක – දිවා ආහාරයට තරගය නතර කරන විට ඉන්දියාව ප්‍රබල තත්ත්වයක [LIVE VIDEO]

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී දිවා අහාරයට තරගය නවත්වන විට කඩුලු හයක් දැවී ලකුණු 416ක් ලබාගෙන සිටියහ.

කඩුලු 6ක් දැවී සිටින ඉන්දියාව වෙනුවෙන් රිෂාබ් පන්ට් සහ ධෘව් ජුරෙල් විශිෂ්ට සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළට රැගෙන යමින් සිටිති. දෙදෙනාම මේ වන විට අර්ධ ශතක රැස්කරගෙන ඇත.

පළමු දිනයේදී මැණික්කටුව ආසන්නයට පන්දුවක් වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත් වූ රිෂාබ් පන්ට්, අද දිනයේදී යළිත් පිතිකරණයට පැමිණීම විශේෂත්වයකි. ඔහු ධෘව් ජුරෙල් සමඟ එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටී.

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි – ඉන්දියාවේ ඉනිම කොතැන නවතිද? [LIVE

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඇරඹෙයි – ඉන්දියාවේ ඉනිම කොතැන නවතිද? [LIVE

දෙවැනි දිනයේ පළමු සැසියේදී ඉන්දියාවට අහිමි වූ එකම කඩුල්ල වූයේ සරන්ෂ් ජේන්ගේ කඩුල්ලයි. ඔහු ලකුණු 6කට දැවී ගිය අතර, එම කඩුල්ල අසිත ප්‍රනාන්දු විසින් දවා ගත්තේය.

පළමු දිනයේදී ඉන්දියාව වෙනුවෙන් කැපී පෙනෙනම පිතිකරු වූයේ දේව්දත් පඩික්කල්ය. ඔහු ලකුණු 117ක් රැස්කරමින් අඛණ්ඩව දෙවැනි ටෙස්ට් තරගයේදීත් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අවධානය ඉන්දීය ඉනිමේ ඉතිරි කඩුලු හතර ඉක්මනින් දවා ගැනීම වෙත යොමුව තිබේ. ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවකට ළඟා වීමට පෙර ඉතිරි කඩුලු දවා ගැනීම අතිශය වැදගත් වනු ඇත.

පන්ට් සහ ජුරෙල් තවදුරටත් කඩුල්ලේ රැඳී සිටියහොත් ඉන්දියාවට ලකුණු 450 සීමාවද පසුකර යාමේ අවස්ථාවක් උදා වන අතර, ශ්‍රී ලංකාවට තරගයේ පාලනය නැවත ලබා ගැනීමට නම් මෙම සබඳතාව ඉක්මනින් බිඳ දැමීම අත්‍යවශ්‍ය වේ.

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න