CCTV දර්ශන එළියට....පානදුර වෙඩි වරුසාව (VIDEO)
පානදුර ප්‍රසිද්ධ ස්ථානයක අද පෙරවරුවේ සිදු කළ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශන මේවන විට නිකුත් වී තිබෙනවා. අසල තිබු CCTV කැමරාවක දර්ශන මේවන විට නිකුත් වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පානදුර, වෑකඩ ත්‍රිරෝද රථ අමතර කොටස් විකිණීම සහ අලුත්වැඩියා සිදුකරන ස්ථානයක හිමිකරුට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි ප්‍රහාරයක් එල්ල කරන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.
අද (29) උදෑසන 10ට පමණ අදාළ වෙඩිතැබීම සිදුකර තිබූ අතර, වෙඩි ප්‍රහාරය අදාළ පුද්ගලයාගේ පිටුපස ප්‍රදේශයට වැදී සුළු තුවාල සිදුව තිබෙනවා.
තුවාලකරු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය පැවසීය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටී -56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කරන අයුරු එම දර්ශනවල සටහන්ව තිබේ. වෙඩි ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නිලංග නමැත්තාගේ සමීපතමයෙක් බව පොලීසිය පවසයි.
පසුගිය දිනවල නිලංග සහ පානදුරේ කුඩු සළිඳු පාර්ශවයන් අතර මාලමුල්ල හා මාදුපිටිය ප්‍රදේශවලදී එකිනෙකා අතර වෙඩි ප්‍රහාරයන් එල්ල කරගෙන තිබුණි. පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම වසරේ මේ දක්වා කාලය තුල සිදු වූ 50 වන වෙඩි තැබීම මෙය බවයි පැවසෙන්නේ.
පසුගිය 26 වනදා දක්වා සිදුවූ වැඩි තැබීම්වලින් 33ක් සංවිධානාත්මක අපරාධ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවත් 17ක් වෙනත් කරුණු මත සිදුවූ බවයි පොලිසිය පවසන්නේ.
