ෆේස්බුක් සාදයකදී තරුණියකට ලිංගික අතවර
Sri Lanka Police
Facebook
Sri Lanka
By Sewvandhi
මාස 1 කට පෙර
පානදුර උතුර පොලීසිය විසින් පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (04) අලුයම, නීතිවිරෝධි අයුරින් සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 09 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිදුකළ එම වැටලීමේදී ගංජා, කුෂ් ආදී මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෝතල් කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ එම සාදය අතරතුර තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී ඇති බවය. සැකකරුවන් පිරිසක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් දෙමව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමට කටයුතු කරන බවත් උසස් පොලිස් නිලධාරීයෙකු පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
