ශ්‍රී ලංකාවේ වංචා දූෂණවලට ජපානයත් ගොදුරක් වුණා...

Report

ජපානය මෙරට වංචා දූෂණවලට ගොදුරක් වූ බව ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකියෝ ඉසොමාටා මහතා පවසා තිබෙනවා.

ඉකුත් දින පොන්ෆයින්ඩර් පදනම‍ මඟින් කොළඹ පැවති වටමේස සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියා.

එහි දී තවදුරටත් ජපන් තානාපති අකියෝ  ඉසොමාටා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිදුවන දුෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් ජපාන රජයට දැඩි පීඩනයක් එල්ල වූ බවයි.

චමරිට ICCයෙන් දඩයක්

චමරිට ICCයෙන් දඩයක්

ඒ අනුව එම තත්ත්වයන් මඟ හරවා ගැනීමට මෙරට වත්මන් රජය සුදුසු පියවර අනුගමනය කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු පැවසුවා.

මීට පෙර ද මෙරට ආයෝජන සුරක්ෂිත කිරීමට ගොස් ජපන් සමාගම්වලට විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වූ බවට චෝදනා පවතී.

එසේම ජපන් සමාගම තවත් පාර්ශ්වයක් සමඟ ගනුදෙනු කරන විට කිසිදු විටක අල්ලස් ලබා දීම, කොමිස් මුදල් ලබා දීම යනාදී වංචනික කටයුතුවලට සම්බන්ධ නොවේ.

එබැවින් එවැනි කටයුතුවලට ඉඩ ලබා නොදෙන බව සහ එවැනි අකටයුතු ක්‍රියාවලට ජපන් සමාගම සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශ්ව උත්සාහ ගැනීම නිසා එම ජපන් සමාගම් ගැටලු රැසකට මුහුණ පා ඇති බවත් සඳහන්.

මෙහි දී අකියෝ ඉසොමාටා මහතා පැහැදිලි කර ඇත්තේ මෙරටට ඉන්දීය සාගරයේ උපාය මාර්ගික පිහිටීම සලකන විට වැදගත් ස්ථානයක් හිමි වන බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ සාධාරණ, විශ්වාසදායක සහ විනිවිද භාවයෙන් යුතු ව්‍යාපාරික පරිසරයක් දකින්න නොලැබෙන බව ඔහු පවසයි.

ගින්නකට මැදි වී, එක් අයෙක් ජීවිතක්ෂයට

ගින්නකට මැදි වී, එක් අයෙක් ජීවිතක්ෂයට

එමෙන්ම ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද අදහස් දැක් වූ තානාපතිවරයා පැහැදිලි කළේ, ශ්‍රී ලංකාව බොහෝ පැතිවලින් ජපානයට ඉතා වැදගත් හවුල්කරුවකු බවයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සහ ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුම සමඟ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බැවින්, නව ආයෝජන සිදු කිරීමට ජපන් සමාගම් මෙරටට පැමිණෙනු ඇති බව ඔහු සඳහන් කළා.

නමුත් ඒ සඳහා ඔවුන්ට සුදුසු පරිසරයක් ශ්‍රී ලංකාවේ තිබිය යුතු බව ඔහු මෙහි දී අවධාරණය කර ඇත.