පාලිත රංගේ බණ්ඩාර ලක්ෂ 233 ක වංචාවකට රැවටුණු හැටි.

Palitha Range Bandara
By Wayomi Dec 23, 2022 08:15 AM GMT
Wayomi

Wayomi

Report

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ‍ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට සිදු කළ රුපියල් ලක්ෂ 233 ක වංචාවක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක්ව පෙරේදා (21) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රහස් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාලබේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු එලෙස සිදු කර ඇති වංචාව වන්නේ, මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර 15ක් ව්‍යාජ ඔප්පු සකස් කර රුපියල් ලක්ෂ 233 කට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ‍ මහලේකම් පාලිත රංගේ බණ්ඩාරට විකිණීමයි.

එහිදී එම සැකකරු මන්ත්‍රීවරයාට මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමට පෙර මෙම ඉඩමෙන් අක්කර20ක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට ඉදිරිපත් කර ලක්ෂ 47ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලීසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු වනු ඇති.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW