ඉන්දීය ප්‍රහාරයෙන් පාකිස්ථාන බෙදුම්වාදියාගේ පවුලත් නැති වෙයි

Pakistan India Bomb Blast Sinhala news
By Kaushi May 08, 2025 08:15 AM GMT
Kaushi

Kaushi

Report

පකිස්ථානයේ ක්‍රියාත්මක jaish-e-Mohammed සංවිධානයේ නායක මසූඩ් අස්හාර් විසින් ඉකුත් දින එල්ල වූ ඉන්දීය ගුවන් ප්‍රහාරවලින් සිය පවුලේ සාමාජිකයන් දස දෙනෙකු මිය ගිය බව තහවුරු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඔහු ප්‍රකාශ කර ඇත්තේ සිදු වූ ඉන්දීය ගුවන් ප්‍රහාරවලින් ඔහුගේ බිරිඳ, සහෝදරිය, ලේලියන් සහ බෑණනුවන් කිහිප දෙනෙක් ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් දස දෙනෙකු මිය ගිය බවයි.

jaish-e-Mohammed හෙවත් jeM යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් නම් කරන ලද ත්‍රස්ත්‍රවාදී සංවිධානයකි.

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

එහි නායකයා මසූඩ් අස්හාර් ඉකුත් 7 දින ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහි දී ඔහු විසින් පවසා සිටියේ තම සමීපතම සහයකයන් සිව් දෙනෙකු ද ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවයි.

මෙහි දී ඔහු එම සියලු ප්‍රහාර සීමාවන් ඉක්මවා කළ මිලේච්ඡ ක්‍රියාවක් ලෙසට හැඳින් විය. එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු අනතුරු අඟවා සිටියේ දැන් කිසිදු අනුකම්පවක් අපේක්ෂා නොකළ යුතු බව පැවසූ බවයි.

ජාතික ජන බලවේගයත් ඩීල් යන්න පටන් අරන් - බලය පිහිටුවන්න තනි මන්ත‍්‍රීලාට වැඩි ඉල්ලුමක්

ජාතික ජන බලවේගයත් ඩීල් යන්න පටන් අරන් - බලය පිහිටුවන්න තනි මන්ත‍්‍රීලාට වැඩි ඉල්ලුමක්

පාකිස්ථානාය සහ පාකිස්ථාන පාලිත කාශ්මීරය හරහා ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ ස්ථාන නවයකට පෙර දින රාත්‍රියේ ඉන්දියාවෙන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරය පන්ජාබ් පළාතේ බහවල්පූර් හි පිහිටි මෙම jaish-e-Mohammed සංවිධානයේ මූලස්ථානය ඉලක්ක කර එල්ල වී ඇති බව ද සඳහන්

ReeCha