විදේශ රටක දී මෙරට පුරවැසියෙක් ප්‍රසිද්ධියේ පුළුස්සා දමා ඝාතනය කෙරේ (PHOTOS)

By Sewvandhi Dec 03, 2021 11:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්ථානයේ සියල්කොට් නුවර වසීරාබාද් හි පෞද්ගලික කම්හල් රැසක අපනයන කළමනාකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු එම කම්හල් සේවකයන් විසින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඔහුගේ සිරුර පුළුස්සා ඇති බවයි සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරි උමාර් මලික් පාකිස්ථාන ඩෝන් පුවත් වෙබ් අඩවියට සඳහන් කර ඇත්තේ. එහි තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් රොක්වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට එක්කර තිබුණා.

සියල්කොට් ඇතුළත් පාකිස්ථාන පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය හුස්මාන් බුස්ඩාර් ප්‍රකාශ කළේ මෙය ඉතා ඛේදනීය සිද්ධියක් බවයි. එහිදී නීතිය අතට ගත් පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළා.

ඒ පිළිබඳ දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති බව පන්ජාබ් පොලිස්පතිවරයා සඳහන් කළා. මෙම ශ්‍රී ලාංකික කළමනාකරු ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGallery