ජාතික ගුවන් සේවයක් විකුණයි - හේතුව මෙන්න
වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines (PIA) හි සියයට 75ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය දක්වන්නේ පාකිස්ථානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප් (Arif Habib Group) සමූහය මඟින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි.
එසේම මෙහි වටිනාකම ඉදිරිපත් වූ ඉහළම ලංසුව වූ පාකිස්ථාන රුපියල් බිලියන 135ක් (අමෙරිකානු ඩොලර් මිලියන 482ක් පමණ)බව පවසයි.
ඒ අනුව මෙම ගනුදෙනුවෙන් පසුව ගුවන් සේවයේ සියයට 75ක අයිතිය අරිෆ් හබීබ් සමූහයට හිමිවන අතර ඉතිරි සියයට 25ක කොටස් රජය සන්තකයේ පවතියි.
කෙසේ වෙතත් පාකිස්ථාන රජය මෙම තීරණය ගෙන ඇත්තේ එරට රජය සතු ආයතන දිගින් දිගටම ලබන පාඩු අවම කර ගැනීමට සහ රාජ්‍ය මූල්‍ය පීඩනය ලිහිල් කර ගැනීමට බව වාර්තා වේ. PIA ගුවන් සේවය වසර ගණනාවක සිට දැවැන්ත ණය බරකින්, අකාර්යක්ෂම කළමනාකරණයකින් සහ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පීඩා විඳිමින් සිට ඇත.
එමෙන්ම මින් පෙර කිහිප වතාවක්ම මෙය පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළද විවිධ හේතූන් මත එය ප්‍රමුඛ කාලයකට කල් ගොස් ඇති බවට වාර්තා විය.
පාකිස්ථානයේ විශාලතම ව්‍යාපාරික ජාලයන්ගෙන් එකක් වූ අරිෆ් හබීබ් සමූහය ඒ අනුව මෙම ගුවන් සේවය මිලදී ගෙන තිබෙනවා. මූල්‍ය සේවා, සිමෙන්ති, වානේ, බලශක්ති සහ පොහොර නිෂ්පාදන යන ක්ෂේත්‍ර ගණනාවක ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත වී පවතී.
ඔවුන්ගේ අරමුණ නව හිමිකාරිත්වය යටතේ ගුවන් සේවයේ කළමනාකරණය විධිමත් කර එය නැවත ලාභ ලබන තත්ත්වයට පත් කිරීමයි.
කෙසේ වෙතත් නෛතික සහ නියාමන ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගුවන් සේවයේ පාලනය නිල වශයෙන් නව හිමිකරුවන්ට පැවරීමට නියමිතව ඇත.