දේව්දත් පඩික්කල්ගෙන් විශිෂ්ට ශතකයක් - ඉන්දියාව ප්‍රබල ඉනිමකට සැරසෙයි [LIVE VIDEO]

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී දේව්දත් පඩික්කල් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්ව තිබේ.

පඩික්කල් පන්දු 168කදී සිය ශතකය සම්පූර්ණ කර ඇති අතර, ඔහුගේ විශිෂ්ට ඉනිම හේතුවෙන් ඉන්දීය කණ්ඩායම තරගයේ පළමු දිනයේ අවසන් අදියරේදී ප්‍රබල තත්ත්වයක පසුවෙයි.

පඩික්කල් සමඟ රවීන්ද්‍ර ජඩේජාද ඉන්දීය ලකුණු පුවරුව ඉදිරියට රැගෙන යමින් සිටියි. මේ අතර, ඉන්දීය කණ්ඩායමේ නායක ෂුබ්මන් ගිල් ලකුණු 50කට දැවී ගිය අතර, එම ඉනිමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලියේ එක් චක්‍රයක් තුළ ලකුණු 1,000 සම්පූර්ණ කළ පළමු ඉන්දීය නායකයා බවටද ඔහු පත්විය.

තරගයේදී ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ටද අවාසනාවන්ත සිදුවීමකට මුහුණදීමට සිදුවිය. ලහිරු කුමාර යැවූ 58 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී ඔහුගේ අතට පන්දුව වැදීමෙන් පසු පාන්ට් පිටියෙන් ඉවත් වී තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක ෂුබ්මන් ගිල් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

නායක ෂුබ්මන් ගිල්ගෙනුත් අර්ධ ශතකයක් – ඉන්දියාව ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙයි

නායක ෂුබ්මන් ගිල්ගෙනුත් අර්ධ ශතකයක් – ඉන්දියාව ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වෙයි

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න

ඉන්දියාවේ ආධිපත්‍යයට ශ්‍රී ලංකාව දුන් අභියෝගය - ශ්‍රී ලංකා–ඉන්දියා ටෙස්ට් සටනේ සම්පූර්ණ ඉතිහාසය මෙන්න