ගිනි නිවන්න ගිය නිවසේ හිමිකරු විදුලි සැර වැදී ජිවිතයෙන් සමු ගනී...

Sri Lanka Police COVID-19 Vaccine Fire Accident Death
By Parami Dissanayake Aug 08, 2024 05:29 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 දංකොටුව බුජ්ජම්පොල ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නක් නිවීමට කටයුතු කරමින් සිටි එම නිවසේ හිමිකරු ගින්නෙන් කඩා වැටුණු විදුලි රැහැනක පැටලී විදුලිසැර වැදී මියගොස් තිබේ.

බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස මියගොස් ඇති අතර ඔහු 26 හැවිරිදි එක් දරු පියෙකි.

ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි...

ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි...

ගින්නෙන් නිවසේ තිබූ යතුරුපැදි දෙකක් මුලුමනින්ම විනාශ වී ඇති අතර නිවසටත් විශාල ලෙස හානි සිදුව තිබෙනවා.

මෙම ගිනි ඇවිලීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් සිදුකළ ප්‍රකාශයකට අනුව අසල්වාසී දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොස්වත්ත පොලීසිය කටයුතු කර ඇති අතර අදාළ සැකකරුවන් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ පුද්ගලික ආරවුලක් තිබී ඇත.

විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි ඊජිප්තු සංචාරයක...

විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි ඊජිප්තු සංචාරයක...

එමෙන් ම, එම සැකකරුවන් විසින් සිදුකළ තර්ජනයක් සම්බන්ධයෙන් පොලීසියට ලබාදුන් තොරතුරකට අනුව යමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එහිදී ඔවුන්ගෙන් පාපොච්ඡාරණයන් සහ අනෙකුත් සාක්ෂි ද ලැබී ඇති බව සඳහන් ය.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාරවිල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ඉදිපත් කිරීමට නියමිත බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාරවිල පොලීසිය විසින් සිදුකරන බවත් වාර්තා වේ.

ReeCha