ලුආනා ඇලාන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපයි...

By Parami Dissanayake Aug 08, 2024 03:42 PM GMT
Report

ලතින් ඇමෙරිකාවට අයත්, පෙරගුවේ රාජ්‍යය නියෝජනය කරමින්, ප්‍රංශයේ පැරිස් අගනුවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමට පැමිණ සිටි, ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා හැරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කර ඇත.

ජනාධිපතිවරණය වෙනුවෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙක්...

ජනාධිපතිවරණය වෙනුවෙන් තවත් අපේක්ෂකයින් දෙදෙනෙක්...

20 හැවිරිදි පිහිනුම් ශූරියක් වනලුආනා ඇලාන්සෝගේ නොහොබිනා හැසිරීම හේතුවෙන් මෙලෙස ඇයව නෙරපූ බව මාධ්‍ය වාර්තා කරනවා.

ඔලිම්පික් ක්‍රීඩා බලධාරීන්ගේ මෙම තීරණය හේතුවෙන් ඇයට පිහිනුම් ඉසව් අහිමි වී ඇතැයි ද වාර්තා වේ.

පෙරුගුවේ ඔලිම්පික් කමිටු සභාපති ලරිස්සා ෂේරර් පවසා ඇත්තේ ලුආනා ඇලාන්සෝ අනවසරයෙන්, කිසිවකුටවත් නොදන්වා, සිය අභිමතය පරිදි, ඔලිම්පික් ගම්මානයෙන් පිටවී රැයක් ගත කළ බවයි.

ජුලි වන විට ලක්ෂයට වැඩි සංචාරක පිරිසක් මෙරටට...

ජුලි වන විට ලක්ෂයට වැඩි සංචාරක පිරිසක් මෙරටට...

කෙසේ වෙතත්, එම සිදුවීම සැලකිල්ලට ගනිමින් ඇය ඔලිම්පික් ගම්මානයෙන් නෙරපා දැමීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කළ බව ද හෙතෙම පවසා ඇත.