වංචාකාර විදුලි පාරිභෝගිකයින්ට වැඩ වරදී.. පැමිණිලි කරන්න අංකයක්

Report

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2025 වසර තුළ සිදුකළ පරීක්ෂණයකදී වංචනික ලෙස විදුලිය ලබාගත් පුද්ගලයින් සහ ව්‍යාපාරවලගෙන් රුපියල් 90,242,561.21ක (රු. මිලියන 90ට වැඩි) වාල්‍ය අලාභයක් මුදලක් එසැණින් පියවා ගත් බව අනාවරණය වී තිබේ.

මෙයට අමතරව රුපියල් 2,527,500ක උසාවි ගාස්තුවක් ද අයකර ගත්තේ ය.

විදුලි මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 1,259 ක් ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 72 ක් ද අනාවරණය කරගෙන තිබෙන අතර, මෙවැනි සිද්ධීන් නිසා ආර්ථිකමය වශයෙන් වැඩි පාඩුවක් ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වී ඇති බව සඳහන් වේ.

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

අනවශ්‍ය විදුලිය ලබාගත්තේ විවිධ සමාජ තත්ත්වයන්හි සිටින පුද්ගලයින් වන අතර, එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත්තා බව ලංකා විදුලිබල මණ්ඩලයේ විමර්ශන ඒකක කළමනාකරු සඳහන් කරයි.

වංචනික විදුලි පරිහරණය සම්බන්ධ යම් තොරතුරක් වෙතොත් 011-2422259 දරන දුරකථන අංකයට හෝ 1987 යන ක්ෂණික දුරකථන සේවාවට අමතා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?