මේ අවුරුද්දේ රැකියා සඳහා පිටත්ව ගිය ලාංකිකයින් ගණන ලක්ෂ 3 පනී

Report

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසර තුළදී ලාංකිකයන් ලක්ෂ 3ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතකිරීමේ ඉලක්කයක සිට කටයුතු කරන ලද අතර එය මේ වන විට සම්පූර්ණ කරගෙන තිබෙන බව ද එම කාර්යාංශය පවසයි.

පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයන් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2024 වසරේදී ශ්‍රමිකයන් 314,673 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

2025 වසර තුළදී පිරිමි ශ්‍රමිකයන් 184,085 හා කාන්තාවන් 116,106 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 194,982 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 105,209 දෙනකු විදේශ ගතවී තිබේ.

ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 75,200 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 57,037 කි.

දිවයිනටම කාලගුණයෙන් නිවේදනයක් - රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්

දිවයිනටම කාලගුණයෙන් නිවේදනයක් - රට පුරා වැසි තත්ත්වයේ වෙනසක්

කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන වැදගත් කරුණක් වනුයේ පෙර වසර වලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරීමයි.

ඒ අනුව 2025 වසර තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයන් 6,272 දෙනකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 12,728 දෙනකුද, රුමේනියාවේ රැකියා සඳහා 12,180 දෙනකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 10,717 දෙනකු පිටත්ව ගොස් තිබේ.

2025 වසරේ ගතවූ මාස 11 කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.19 ක මුදලක් මෙරටට හිමිවී ඇති අතර, 2025 නොවැම්බර් මාසය තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 673.4 ක මුදලක් මෙරටට ලැබී තිබේ.

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට