අපොස සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ නිවේදනයක්

Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025(2026) විභාගයට පෙනී සිටින පෞද්ගලික අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍රවල සංශෝධනයක් තිබේ නම් වෙබ් අඩවියට පිවිස තම ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර සංශෝධනය කර ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එම සංශෝධන මේ මස 10 වෙනිදා මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් කෙරෙන බවත් 2025 වර්ෂය වෙනුවෙන් පවත්වන සාමාන්‍ය පෙළ විභාගය මේ මස 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3545කදී පැවැත්වීමට නියමිතව බවත් දැනුම් දී ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ විභාගය ගැන අති විශේෂ නිවේදනයක්

මෙවර විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අදාල පාසල් අයත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇත. සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාල කලාප අධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ප්‍රවේශපත්‍ර භාරගත යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - සුරක්ෂා රක්ෂණයෙන් මුදල් සහන

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - සුරක්ෂා රක්ෂණයෙන් මුදල් සහන

බිහිසුණු අනතුරක් - ගුවන් යානා දෙකක තටු එකට හැප්පෙයි

බිහිසුණු අනතුරක් - ගුවන් යානා දෙකක තටු එකට හැප්පෙයි