වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂගේ නියෝගය කල් යයි.

Keheliya Rambukwella Ministry of Health Sri Lanka
By Gagana Apr 09, 2024 12:58 PM GMT
Gagana

Gagana

Report

වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරෙහිව ගොනුකර තිබෙන රිට් පෙත්සමේ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 26 වනදා දක්වා කල් තබා ඇත.

මේ වන විට ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

අද (09) අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබු එම නියෝගය ප්‍රකාශයට පත්කිරීම ලබන 26 වනදා දක්වා කල්තබන බව විනිසුරුවරයා කියා සිටියා.

තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ,වෛද්‍යවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණු අතර, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කරනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව ඇප මත මුදාහරින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා ඇත .