උත්සව සමයේ හිඟයකින් තොරව බිත්තර ලබා දීමේ හැකියාව අපට තිබෙනවා..බිත්තර ආනයනයට සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ විරෝධය..

Report

ඒ එළඹෙන දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇති බවයි.දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවට වෙළෙඳ අමාත්‍යයෙන් නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.

කොළඹ මහ නගර සභාවට මිලියන 90ක පොල්ලක්..

කොළඹ මහ නගර සභාවට මිලියන 90ක පොල්ලක්..

කෙසේ වෙතත් රජය මගින් ගෙන ඇති එම තීරණයට ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය විරෝධතාවය දක්වා තිබේ.

බිත්තර ආනයනය කිරීමට රජය තීරණය ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

මැතිවරණ නීති උල්ලංඝන ඉහලට..

මැතිවරණ නීති උල්ලංඝන ඉහලට..

එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන බවයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ .

කෙසේ වෙතත් ඉදිරි උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.