සෙව්වන්දි සියදිවි නසා ගැන.. වහාම විමර්ශනය කරන්න - විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලයි
By R.rishma
අත්තනක්කල වෙලගෙදර ගම්මානයේ හිමායා සෙව්වන්දි නම් තරුණිය අන්තර්ජාල ණය මාෆියාවකට හසුවී සියදිවි නසාගත් බවත්, මෙවැනි නීති විරෝධී මාර්ගගත ණය ආයතන මුලිනුපුටා දැමීමට රජය ඉක්මනින් පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බ්‍රහස්පතින්දා (13) පාර්ලිමේන්තුවේදී තරයේ ඉල්ලා සිටියේය.
“මෙවැනි අන්තර්ජාල ණය මාෆියා රාශියක් ක්‍රියාත්මක වෙනවා. නිසි නීතියක් ක්‍රියාත්මක කරලා, විමර්ශන ආරම්භ කරලා, මුලිනුපුටා දැමීම රජයේ වගකීමයි.”
විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.