විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ කම්කරු දින පණිවිඩය

SJB Sajith Premadasa May Day Sinhala news
By Shehan May 01, 2025 04:35 AM GMT
Shehan

Shehan

Report

වත්මන් ආණ්ඩුව, සම්ප්‍රදායික දේශපාලනයේ රටාවලට සමානව, බලය ලබා ගැනීමට වැඩ කරන ජනතාව උපයෝගී කර ගනිමින්, ඔවුන්ට දුන් පොරොන්දු හා ප්‍රතිපත්ති අමතක කරමින් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සෘජු හා වක්‍ර ලෙස බලපෑමට ලක්ව ඇති වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ජයග්‍රහණය කිරීමට සමස්ත වැඩ කරන ජනතාව එකම ධජයක් යටතේ එක්වන ලෙස ඔහු ඉල්ලා සිටී.

කම්කරු දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවිඩයකදී විපක්ෂ නායකවරයා මේ බව අවධාරණය කළේය.

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවා ස්ථාවර ආරම්භයක් ලබා ගත් බව ජනපති කියයි

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවා ස්ථාවර ආරම්භයක් ලබා ගත් බව ජනපති කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කම්කරු දින පණිවිඩය පහතින්,

''අපගේ ආර්ථිකයේ කොඳු නාරටිය වනුයේ වැඩ කරන ජනතාව යි. වර්තමානයේ ලෝකයේ ආර්ථික ප්‍රවණතා හමුවේ රටක කම්කරු පන්තියේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ නව මානයකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වුවකි.

ඒ සඳහා වැඩ කරන ජනතාව දැනුවත් කිරීම සහ පෙළගැස්වීම කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරයේ අත් නොහල යුතු වගකීමක් බව මාගේ විශ්වාසය යි.

ගෝලීය වෙළෙඳපොළ තුළ මතුව ඇති වෙළෙඳ යුද්ධයේ දී සෘජු හා වක්‍ර බලපෑමට ද ලක් වූයේ වැඩ කරන ජනතාව යි. මෙය අභියෝගයක් ලෙස සලකා විසඳුම් සෙවීමට වහාම උත්සුක විය යුතු ය. එහි දී හුදකලා දූපත් මානසිකත්වයෙන් බිඳී ගෝලීය ස්ථායිකරණයකට දායක වීමට කටයුතු කිරීම වැදගත් වේ.

අගමැති හරිනි අමරසූරියගේ කම්කරු දින පණිවිඩය

අගමැති හරිනි අමරසූරියගේ කම්කරු දින පණිවිඩය

සම්ප්‍රදායික දේශපාලනයේ සහ බලය ලබා ගැනීමට වැඩ කරන ජනතාව උපයෝගී කර ගත් වර්තමාන පුනරුද ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාත්මක වනුයේ වැඩ කරන ජනතාවට ලබා දුන් පොරොන්දු ප්‍රතිපත්ති පසෙකට විසි කරමිනි.

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ සෘජු හා වක්‍ර බලපෑමකට ලක්ව ඇති වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන මෙන් ඉල්ලා සිටිමු.''

මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි

මැයි දිනය වෙනුවෙන් බාර් වැසෙයි

ReeCha