සජිත් සහ කැනේඩියානු මහ කොමසාරිස් අතර විශේෂ හමුවක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ පවතින සාර්ව ආර්ථික අභියෝග සහ ඩිට්වා සුළි කුණාටුවෙන් පසු ඇතිවූ සමාජ-ආර්ථික බලපෑම් පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා වූ බව වාර්තා වේ.

ජාත්‍යන්තර ආධාර අවශ්‍යතාවය අවධාරණය කළ ප්‍රේමදාස මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය වැඩසටහනේ කොන්දේසි ලිහිල් කළ යුතු බවද පෙන්වා දුන්නේය. එමෙන්ම බලපෑමට ලක්වූ ප්‍රජාවන්ගේ සහන, ප්‍රතිසංස්කරණ සහ ජීවනෝපාය යළි ගොඩනැගීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවද ඔහු අවධාරණය කළේය.

ලංකාවට ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක - IMF සමාලෝචනවලට කොන්දේසි 3ක්

ලංකාවට ඩොලර් මිලියන 700ක් ලැබීම තීරණාත්මක කඩඉමක - IMF සමාලෝචනවලට කොන්දේසි 3ක්

කැනඩාවේ දේශගුණික මූල්‍ය සහ සංවර්ධන ආධාර සඳහා කෘතඥතාව පළ කළ ඔහු, ගෝලීය කටයුතු කැනඩාව විසින් අරමුදල් සපයන 'ප්‍රවේශ ශ්‍රී ලංකා' ව්‍යාපෘතියද ('Access Sri Lanka'Project) මෙහිදී ඉස්මතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය දේශගුණික-ස්මාර්ට් කෘෂිකර්මය, තිරසාර ඉඩම් හා ජල පෝෂක කළමනාකරණය සහ වියළි කලාපයේ කාන්තා ගොවීන්ට සහාය වීම කෙරෙහි අවධානය යොමු කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, මානව හිමිකම් සහ වාර්ගික සංහිඳියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

"මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි" - ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

"මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි" - ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් කැපවී සිටින බව ප්‍රේමදාස මහතා යළිත් අවධාරණය කළ අතර, පළාත් සභා මැතිවරණ ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවද සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, වෙළඳාම හා ආයෝජන වැඩිදියුණු කිරීම සහ ශ්‍රී ලංකාව කැනඩාවේ ඉන්දු-පැසිෆික් වාණිජ උපාය මාර්ගයට ඒකාබද්ධ කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබේ.

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය

අද ඔබේ වාසනාව උරගා බලන දවසද? මෙන්න ලග්න 12ටම අදාළ සම්පූර්ණ අනාවැකිය