"මම ආවේ රස්සාවක් කරන්න නෙවෙයි" - ඇතැමුන් නැඟූ චෝදනාවලට ප්‍රහාරාත්මක පිළිතුරක් දෙමින් මාස්ටර් බ්ලාස්ටර් තීරණය ගනියි

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ උපදේශකවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා, මෙම මාසය අවසානයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අලුතින් පත් කළ ක්‍රිකට් පරිවර්තන කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන් දරන උසස් දක්ෂතා මධ්‍යස්ථානයේ උපදේශක ධුරය සහ මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය අතර 'පරස්පර විරෝධී උනන්දුවක්' පවතින බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කර ඇති බවයි.

ජයසූරිය මහතා අවධාරණය කර ඇත්තේ, මෙම වගකීම් තමන් භාරගත්තේ රැකියාවක් සඳහා නොව, අසීරු තත්ත්වයක තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහය ලබාදීමේ අරමුණින් බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ලිපියක් - තමාව ධූරයෙන් ඉවත් කිරීම ගැන ගැටලුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ලිපියක් - තමාව ධූරයෙන් ඉවත් කිරීම ගැන ගැටලුවක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කාලය සිහිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටි සමයක තමන් එම අභියෝගය භාරගත් බවයි.

එහිදී දේශීය පුහුණුකරු මඩුල්ල සහ ක්‍රීඩකයින් සමඟ එක්ව කණ්ඩායමේ විශ්වාසය හා තරඟකාරීත්වය නැවත ගොඩනැඟීමට කටයුතු කළ බවත්, ඉන්දියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව වැදගත් ජයග්‍රහණ ලබාගැනීමට හැකි වූ බවත් ඔහු සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට සුදුසුකම් නොලැබීම පිළිබඳවද අදහස් දැක්වූ ඔහු, ආබාධ, කණ්ඩායම් සංයෝජන වෙනස්කම් සහ පාලනයෙන් බැහැර තීරණ කිහිපයක් හේතුවෙන් සැලසුම් බිඳවැටුණු බව පවසා ඇත.

ක්‍රිකට් බෝඩ් එකේ සල්ලිවලට වෙච්ච දේ ගැන එරාන් වික්‍රමරත්නගෙන් හෙළිදරව්වක්

ක්‍රිකට් බෝඩ් එකේ සල්ලිවලට වෙච්ච දේ ගැන එරාන් වික්‍රමරත්නගෙන් හෙළිදරව්වක්

එසේ වුවද, එම පරාජයේ වගකීම ප්‍රධාන පුහුණුකරු ලෙස තමන් භාරගත් බවත්, ඒ හේතුවෙන් ලෝක කුසලානයෙන් පසු එම ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ඔහු සිහිපත් කරයි.

මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව අදහස් දක්වමින් ජයසූරිය මහතා පවසා ඇත්තේ, ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස මාතර ක්‍රිකට් සංවර්ධනය තමන්ට ඉතා සමීප කාරණයක් බවයි.

කෙසේ වෙතත්, නව පාලනාධිකාරිය එම ධුරයන් පරස්පර විරෝධී ලෙස සලකන්නේ නම්, වෙනත් තනතුරක් දැරීමට වඩා මාතර ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට තමන් කැමති බවද ඔහු සඳහන් කර ඇත.

අවසානයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් නැවතත් රන් යුගය කරා ගෙන යාමට නව කමිටුවට හැකිවේවායි ප්‍රාර්ථනා කළ ජයසූරිය මහතා, නිල තනතුරක් නොමැතිව වුවද ඉදිරියටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් උපරිම සහය ලබාදෙන බව අවධාරණය කර තිබේ. 

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

බැරලය ඩොලර් 69 සිට 114 දක්වා පනියි - පෙට්‍රල් සහ ඩීසල් මිල අද සිට නැවතත් වෙනස් වෙයි

චීන පතල් ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහළට

චීන පතල් ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහළට