'' 6 ශ්‍රේණිය මොඩියුල් ප්‍රශ්නයට පියවර ගෙන තියෙද්දීත් අගමැතිනියට අපහාස කරන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් '' ඇමතිනී සරෝජා කියයි

Report

වර්තමානයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එරෙහිව කුමන්ත්‍රණ සිදු කරන විපක්ෂයේ කණ්ඩායම් විසින් අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගන විවිධ අපහාස සිදු කරන බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.

ඒ වගේම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පිළිබද ඇතැම් කණ්ඩායම් සිදුකරන අපහාසාත්මක ප්‍රකාශවලට එරෙහිව ජනතාව විසින් දැඩිව විරෝධ වී ඇත .

මෙලෙස අග්‍රාමාත්‍ය වරියට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සමාජ මාධ්‍ය යොදා ගනිමින් විවිධ පාර්ශවයන් අපහාසයන් සිදු කරනු ලබන්නේ හය ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුලත් සබැදියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලකරමිනුයි .

හාමුදුරුවෝ ධර්ම ශාලාවේ නිධන් හාරලා

හාමුදුරුවෝ ධර්ම ශාලාවේ නිධන් හාරලා

නමුත් මේ වනවිට 6 ශ්‍රේණියේ නව ඉංග්‍රීසි මොඩියුලයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේවන විටත් අභ්‍යන්තර පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ වගේම මෙම සිද්ධිය පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

තවද අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සදහන් කරන්නේ සිදුවීමට අදාළ කරුණු සොයා බැලීම සදහා මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබියදීත්, අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගනිමින් දිගින්දිගටම මෙවැනි අපහාසාත්මක ප්‍රකාශ සිදු කරන්නේ ඔවුන්ගේ දේශපාලන පටු අරමුණු ඉටු කර ගැනීම සදහා බවයි.

රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය

රක්ෂණයක් ගැන වී ගොවීන්ට ඇහෙන සුබ පණිවිඩය

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි

''මට කෙල්ලෙක් බදින්න පුළුවන් සමාජෙ මොනව කිව්වත් මට අදාළ නැහැ '' සංජානා ආයිමත් සමාජ මාධ්‍ය කළඹයි