විපක්ෂය එදා ආණ්ඩුවේ ඉදිමින් නිවාස ගම්මාන ඉදිකළේ පුරාවිද්‍යා ස්ථාන ඩොසර් කරමින්...
පොදු ජනතාවගේ දුක හඳුනන නායකයන් දෙපලක් වන වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා , සෑම විටම තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ සහ බුද්ධ සාසනය ගැන හොඳින් සිතා මතා බව, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
පසුගිය යහපාලන රජය තුළ සිටියේ “මෙය බෞද්ධ රටක් නොවේ” යනුවෙන් නන්දොඩවන දේශපාලකයන් බවත්, එදා භික්ෂූන් වහන්සේලා සිරගත කරමින් දඩුවම් දුන් බවත්, එසේ කරන විට වත්මන් විපක්ෂ නායකතුමා එදා ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ කථා නොකළ බවත්, අමාත්‍යවරයා සඳහන් කළේය.
අද පරිසරය ගැන කතා කරන විපක්ෂය එදා ආණ්ඩුවේ ඉදිමින් නිවාස ගම්මාන ඉදිකළේ පුරාවිද්‍යා ස්ථාන ඩොසර් කරමින්, කැළෑ එළිපෙහෙලි කරමින් බවත්, අද වත්මන් ආණ්ඩුව ජනතාවට නිවාස සාදා දෙන්නේ ගස් නොකපා පරිසරය ආරක්ෂා කරගනිමින් බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ සාසනයට සිය දරුවන් පූජා කළ දෙමාපියන්ට උපහාර පිණිස නිවාස ඉදිකිරීම සඳහා ආරම්භ කර ඇති “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති රාජමහා විහාරස්ථානයේදී මෙය පැවැත්විණ.
නිවාස විෂයභාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
මෙම නිවාස වැඩසටහන ආරම්භ කරමින් පූජ්‍ය බුද්ධන්නේගම අස්සජි හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් අනුරාධපුර, සාලියපුර, බුද්ධන්නේගම ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීම මෙහිදී සිදු කෙරුණු අතර මෙම ව්‍යාපෘතිය සදහා අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන් වහන්සේලාගේ දෙමාපියන් 70 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 12,000 කි.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය පොතානේ ධම්මානන්ද නාහිමි, රජරට විශ්ව විද්‍යාලයේ කුලපති මිරිසවැටිය රජමහා විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුන වැවේ ඥාණතිලක
නාහිමි, ජේතවනාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලෑව රතනපාල නාහිමි, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤාණන්ද නාහිමි ඇතුළු මහාසංඝරත්නය මෙම උත්සවය සඳහා වැඩම කළහ.
මෙම අවස්ථාවට සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා ශේහාන් සේමසිංහ, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි, උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත්, උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍ය එච්.බී. සේමසිංහ, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති පී.බී.එම්. ජයසුන්දර, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) සන්ධ්‍යා අබේරත්න, මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් ආර්.එම්.ජී. සේනාරත්න යන මහත්ම මහත්මීන්, ප්‍රාදේශීය දේශපාලනඥයින්, රාජ්‍ය නිළධාරීහු රැසක් සහභාගි වූහ.

