බාර් විවෘත කිරීම ගැන ප්‍රභලයෙකුගේ මතය..ඉදිරියෙදී වෙන්න යන දේ මෙන්න.

Covid Bar Akila Ellawala
By Aruna Sep 21, 2021 01:20 AM GMT
Aruna

Aruna

Report

රටෙි සුරාසැල් විවෘතව තැබුනොත් දිනකට රැපියල් කෝටි 500 ක් රජයට ලැබෙන බව ආණ්ඩු පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා පැවැසිය.

බලන්ගොඩ ප්‍රදේශයේදි පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙි බව පැවැසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාව මහතා මෙසේයද පැවැසිය – එහෙම කියලා සුරාසැල් විවෘත කරන්න කියන එකට මම එකග වෙන්නේ නැහැ.

නමුත් මෙි වෙලාවෙිදි අපි හැම පැත්තක් ගැනම බලන්න ඕනි.

සුරාසැල් කියන්නේ මහ ලෙකෙු යකෙක් වගේ එකක් නෙවෙයි.

ඔය කියන ඔක්කොම විරෝධය දක්වනවානමි අපි දැක්කා සුරාසැල් විවෘත කල දා කිලෝමීටර් ගණන් දිග පොලිමි තියෙනවා.

සුරාසැල් වලට විරැද්ධව කතා කරන අය තමයි සුරාසැල් ඉදිරිපිට පෝලිම් වල ඉදිරියෙන්ම ඉන්නේ. නීති විරෝධි මත්පැන් ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.

නීති විරෝධි මත්පැන් පෙරන ස්ථාන වලට ගිහිල්ල එක වීදුරුවෙන් මහා කලබලෙන් මත්පැන් පානය කරල එනවා.

මොන ජරාව, මොන වස විස ඒවයේ තියනවාද නැද්ද කියල කවුද දන්නේ.

යැයි අකිල සාලිය සාලිය එල්ලාව මහතා වැඩිදුරටත් පැවැසිය. නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවක උතුරු පලාතේ පවතින කොරෝණා අවධානමත් සමග මත්පැන්හල් විවෘතව කිරීමෙන් තවත් කොරෝණා පොකුරක අවධානමක් ඇති ළුූ බවට උතුරේ සොඛ්‍ය නිලධාරීන් පවසා සිටිති.

යාපනය, වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි නගරවල පිහිටි මත්පැන්හල් එකවරම විවෘත කිරීම නිසාත් අදාල මත්පැන්හල් සුලු වේලාවක් පමණක් විවෘතව තැබෙන බවට පැතිර තිබූ රාවයක් නිසාවෙන් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් උතුරේ මත්පැන් ලෝලීන් දිගු පෝලිම් ගැසී සිටියහ.

මේ අතුර වවනියාව දිස්ත්‍රීක්කයේ පිහිටි මත්පැන් හල් 4 ක හිමිකරුවන් විසින් නිසි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් එම මත්පැන් හල් 04 මුද්‍ර තැබීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගැනීමත් සමග වව්නියාවේ ඉතිරිව තිබූ විවෘතව තැබුනු මත්පැන්හල් වෙතට විශාල ප්‍රමාණයක් පෙලගැසීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

තත්වයන් පාලනය කිරීමට පොලීසියද පැමිණි අතර එහිදී සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය නොකොට නිරෝධායන නීථි කඩකරන ලද පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලීසිය පියවර ගනු ලැබීය.

එමෙන්ම උතුරු පලාතේ පවතින වත්මන් වාතාවරනයත් සමග තවත් මත්පැන් කොරෝණා පොකුරක් ඇතිවී කොරෝණා ආසාදනය වැඩිවීමේ අවධානමක්ද පවතින බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now