15 හැවිරිදි දැරිය අපයෝජනය කළ හිටපු බැංකු කළමනාකරුවෙකු සහ පොලිස් නිළධාරියෙකු කොටු වෙයි...
අන්තර්ජාලය ඔස්සේ ගල්කිස්සේ 15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු බැංකු කළමනාකරුවෙකු සහ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශකළා.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ දුරකථන දත්ත ඔස්සේ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර 15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධියට අදාළව පසුගියදා තවත් පුද්ගලයෙකු ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු තමන් ගායකයෙකු සහ නළුවෙකු බවටයි පොලීසියට හඳුන්වාදී තිබුනා.
15 හැවිරිදි බාල වයස්කාර දැරිය දූෂණය කළ බවට මීට පෙර අත්අඩංගුවට ගත් විශේෂඥ වෛද්‍යවරයා, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා, ඇතුළු 4 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මුදා හැරුණා.
සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර, එහිදී දැරිය විසින් සැකකරුවන්ව හඳුනා ගත්තා.
රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හරිමින් අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ සිදුකර ඇති විමර්ශන අවසන් කර ඇති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම යුක්තිසහගත නොවන බවයි.
කෙසේ වෙතත්, පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකරුවන්ට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය, එවැනි ක්‍රියාවක නිරත වූ බවට පැමිණිල්ලක් ලැබුණහොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව දැනුම් දුන්නා.
හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අගතියට පත් දැරිය සැකකරුවන්ව හදුනා ගැනීමෙන් පසු මහේස්ත්‍රාත්වරිය නිවේදනය කළේ දැරිය විසින් සැකකරුවන් 4 දෙනා පහසුවෙන් හා විස්තරාත්මකව හඳුනා ගත් බවයි.
එහෙත් මෙම කිසිදු සැකකරුවෙකු අදාළ දැරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදීමේදී ඇයගේ වයස පිළිබදව විමසීමක් කර නොමැති බව ද අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා.
මෙම ජාවාරමට සම්බන්ධ රජිව් නැමති ප්‍රධාන සැකකරු තමාව විවිධ පුද්ගලයින්ට ලිංගික කටයුතුවල යෙදවීම සඳහා අලෙවි කළ බවත් එසේ කිරීමේදී තමන් 18 හෝ 19 වන වියේ පසුවන බවට ඔහු විසින් අගවා සිටි බවත් දැරිය හදුනා ගැනීමේ පෙරට්ටුවේදී සදහන් කළ බව අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.
මේ අතර, දැරිය ලිංගික කටයුතු සඳහා යොදාගත් බම්බලපිටිය - මිලාගිරිය පාරේ පිහිටි හෝටලයක කළමනාකරුවෙකු සහ පිළිගැනීමේ නිලධාරියෙකුද අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඔවුන් මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර, එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහාද යොමු කිරීමට නියෝග කෙරුණා.
එසේම 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කිරීම හේතුවෙන්අ ත්අඩංගුවට ගත් වෙබ් අඩවියක හිමිකරුවා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
