එන්නත් දෙවන මාත්‍රාව ලබාගැනීමට SMS හා අන්තර්ජාලයෙන් වෙලාවක් වෙන්කර ගන්නේ මෙහෙමයි
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ජනතාවට “ඇස්ට්‍රාසෙනෙකා” දෙවන මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීමට මාර්ගගත හා කෙටි පණිවුඩ SMS මගින් සිදුකළ හැකිබව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.
එන්නත් ලබාදීම මේවනවිට ආරම්භ කර තිබෙන අතර “ඇස්ට්‍රාසෙනෙකා” පළමු මාත්‍රාව ලබාගත් සියලුම දෙනා දෙවන මාත්‍රාව ලබා ගන්නාතුරු ස්ථාන 20 කට අධික ප්‍රමාණකදී එය ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ.
“ඇස්ට්‍රාසෙනෙකා” දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුරවැසියන්ට https://vaccine.covid19.gov.lk වේබ් අඩවිය හෝ SMS මගින් ලියාපදිංචි වියහැකියි.
කෙටි පණිවුඩ මගින් ලියාපදිංචි වීම සඳහා, පහත දැක්වෙන විධානයන් ටයිප්කර 1906 වෙත යොමුකළ යුතු වනවා.
පියවර 1: සක්‍රීය එන්නත් ලබා දෙන දිස්ත්‍රික් කේත ලැයිස්තුවක් ලබා ගැනීම සඳහා districts ලෙස සටහන් කර යවන්න.
පියවර 2: ඔබට ලැබෙන දිස්ත්‍රික් ඛෙත අතරින් ඔබගේ දිස්ත්‍රික් ඛේත්ය තෝරා ටයිප් කර නැවත 1906 ට යැවීමෙන් ප්‍රදේශ MOH ඛෙත ලැයිස්තුව ලැබෙනු ඇති. උදා ( COL )
පියවර 3: එහි ඔබට අදාළ ප්‍රදේශ කේතය තෝරාගෙන (උදා: COL2) පහත සදහන් ආකාරයට ටයිපකර යැවීමෙන් ලියාපදිංචි එන්නත් ලබාගතහැකි මධ්‍යස්ථාන කේතයන් ලබාගත හැකියි.
පියවර 4: ඔබේ පළමු එන්නත සඳහා ලියාපදිංචි වීම සඳහා ඔබ ලබාගැන ඇති ඛේතයන් ඇසුරින් පහත ආකෘතිය සම්පුර්ණකර කෙටි පණිවිඩයක් යවන්න.
<ජාතික හැදුනුම් පත් අංකය> <හිස්තැනක්> <එන්නත් මධ්‍යස්ථානය> ඔබේ දෙවන එන්නත සඳහා ලියාපදිංචි වීමට, පහත ආකෘතියෙන් පණිවිඩයක් යොමුකළ යුතුව තිබෙනවා.
( මාසය.දිනය ) ඔබේ පළමු මාත්‍රාව ලැබුණු දිනය විය යුතුයි). <ජාතික හැදුනුම් පත් අංකය> <හිස්තැනක්> <මාසය.දිනය> <හිස්තැනක්> <එන්නත් මධ්‍යස්ථානය> සාර්ථකව ලියාපදිංචි වූ පසු, ඔවුන්ට ලියා පදිංචි අංකයක් (කේතයක්) ලැබෙනු ඇති.
යමෙකුට නියමිත වේලාවට අදාළ එන්නත් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණ එම අංකය යොමු කිරීමෙන් පහසුවෙන් එන්නත ලබාගත හැකියි.
මීට අමතරව, කොවිඩ් -19 එන්නත මාත්‍රාවන් දෙකම ලබාගත් අය සඳහා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා ගැනීමට මෙම පද්ධතිය පහසුකම් සපයන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි හිරණ්‍ය සමරසේකර මහතා පවසනවා.
“කෝවිඩ් -19 එන්නත මධ්‍යස්ථානවලින් මහජනතාවගෙන් ලබාගත් තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන තොරතුරු පද්ධතියකට යොමු කරන අතර ඊට පසු, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අයට මෙම ක්‍රමය හරහා සහතිකයක් බාගත කළ හැකියි.
“එමගින් පුද්ගලයාගේ නම, වයස, ජාතික හැඳුනුම්පත (ජාතික හැඳුනුම්පත) අංකය, එන්නත ලබා දුන් දිනය, එන්නත් වර්ගය සහ කාණ්ඩා අංකය සොයා ගැනීම පහසු කරනවා. QR කේතය හරහා ලෝකයේ ඕනෑම තැනක සිට නිරවද්‍යතාව තහවුරු කර ගත හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වය වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |