ඔන්ලයින් ණය මාෆියාවේ සැඟවුණු පැතිකඩ

Sri Lanka Economic Crisis Sri Lankan Peoples Money
By Gagana News Mar 10, 2025 11:46 AM GMT
Gagana News

Gagana News

Report

පවතින ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් හරහා ණය ලබා ගත් වැඩි දෙනෙකුට දැන් සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි’ අත්දැකීමට මුහුණ දීමටය.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ ජීවන වියදම හමුවේ ජනතාවගෙන් බහුතරයක් සිය මාසික වියදම් ආවරණය කර ගැනීම සඳහා මුදල් අතමාරු කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි.

බැංකු මගින් ණය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කොන්දේසි සහ ගතවන කාලය හේතුවෙන් ඉක්මනින් ණය ලබා ගැනීමට උනන්දුවන පුද්ගලයෝ බොහෝ විට මුදල් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා පොලියට මුදල් ලබා දෙන පුද්ගලයින්, සිය මිතුරන් හෝ ඥාතින්ගෙන් ණය ලබා ගැනීමට පෙළඹී සිටිති.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් විට කෙටි පණිවුඩ හරහා ද ප්‍රචාරණ කටයුතු කරනු ලබන ඔන්ලයින් ණය දෙන ආයතන වලින් ද බොහෝ පිරිසක් හදිසි ණය අවශ්‍යතා සපුරා ගන්නේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්ය.

සියලු කරුණු සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ණය ඉල්ලුම්කරුට පළමු පියවර වශයෙන් ණය නිකුත් කිරීම සිදුකරනු ලැබුවද අදාළ සමාගම සඳහා මුදල් ලැබෙන්නේ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව මගේ රට මගේ උරුමය සංවිධානයේ සභාපති රුවන් කුමාර මහතා සඳහන් කර සිටියි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ,

''ඊළඟ කාරණාව මේ සමාගම් එක්කවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ ණය දෙන ආයතන විදිහට. මේ සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ කියලා ලොකු ප්‍රශ්නයක්." 

යුක්‍රේනය,ලිතුවේනියාව,සිංගප්පූරුව,පිලිපීනය වැනි රටවල් හරහා මෙම ක්‍රියාවලිය සිදු කරන බව රුවන් කුමාර මහතා තවදුරටත් සඳහන් කර සිටියි.

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න,


 

ReeCha